Language Switcher

V2025

මහින්ද - සිරිසේන එකගතාවක් ගැන නාමල් කියයි !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එකඟවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පසුගියදා මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙතින් සිදුකළ විමසීමකදී මේ බව සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ සියල්ලම එකඟනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවද එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත.

කෙසේ වුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් තිබෙන පසුබිමක බලය නොමැති විධායකයක් තේරුමක් නැති බවත් එසේම ජනතා විමුක්ති පෙරමුණ ට අවශ්‍ය ආකාරයට 20 සම්මත කරන්න එකග නොවන බවත් ඔහු පවසා ඇත.