සජිත්ට ගැසූ පොහොට්ටු මඩ ආපසු හැරේ !

සජිත්ට ගැසූ පොහොට්ටු මඩ ආපසු හැරේ !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය වන අයුරින් අසත්‍ය චෝදනා එල්ල කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක ඇතුළු පිරිසකට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.

මුජිබුර් රහුමාන්, තුෂාර ඉඳුනිල්,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රී - මන්ත්‍රීවරියන් බොරැල්ල තිලකරත්නාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ අතර නීතිඥවරුන් මගින් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසීය.

නිවාස ඉදිකරමින් ජනතා ප්‍රසාදයට පත්වෙමින් සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රටේ අනාගත නායකත්වය බාරගැනීමට සූදානමින් සිටියදී ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමට අවශ්‍ය වී ඇතැයිද මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂලාගේ දේශපාලනයට අභියෝග කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉදිරියට යෑම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තැතිගැන්මකට ලක්වී සිටින බවද හෙතෙම කීය.

තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා අදහස් දක්වමින් මෙහිදි සඳහන් කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහ කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ ඝාතන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන තංගල්ල පොලිස් අධිකාරීවරයාට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ල කරන අජිත් ලක්මාල් නමැති පුද්ගලයා මීට පෙර කාල්ටන් නිවසේ රියදුරෙකු ලෙසත්,දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු වන උක්කුවා නමැත්තාගේ රියදුරා ලෙසත්,නාමල් රාජපක්ෂ මහතාගේ නිල්බළකායේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර තිබෙන බවයි.

මේ වනවිට එම පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න