අයවැයෙන් ජනතාවට සහන දෙනවාට දයාසිරි විරුද්ධයි !

අයවැයෙන් ජනතාවට සහන දෙනවාට දයාසිරි විරුද්ධයි !

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදිය නොහැකි බවත් එසේ සහන ලබාදෙන්නේ නම් එය තවදුරටත් රට අරාජික කරන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ආර්ථිකමය වශයෙන් අපහසු අඩියක තිබෙන රටක් අයවැයකින් සනසන්න පුළුවන්ද කියලා තමයි අපට තිබෙන ප්‍රශ්ණය. ජනතාවට සහන දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. දෙන්න පුළුවන් නම් ඒක තවදුරටත් රට අරාජික කරන වැඩපිළිවෙලක් තිබෙන්නේ. ඒක නිසා රටට ආපසු නැවත ආර්ථික, සමාජ,සංස්කෘතයක දර්ශනයක් අවශ්‍යයි.”

දේශපාලන කුහකත්වය - ආණ්ඩුවේ ප්‍රතිචාරය

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණ ප්‍රබලයකු සඳහන් කර සිටියේ 2015 වසරේ සිට ඉතාම සැලසුම් සහගතව ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස ණය ගෙවීම සම්බන්ධව දුෂ්කරතා පැවතියත් ජනතාවට සහන දියහැකි පසුබිමක් නිර්මාණය කිරීමට තම ආණ්ඩුවට හැකිවූ බවය.

රාජ්‍ය ණය බර රාජ්‍ය ආයතන තුළ සඟවා ව්‍යාජ සංඛ්‍යා දත්ත ඇතුල් කරවා බොරු සංවර්ධනයක් මවාපෑ රාජපක්ෂලා මෙරට චීන ණය කොලනියක් කල බවත් එහිදී නිහඬව සිටි පිරිස් සැබෑ ආර්ථික දත්ත මත පදනම් වූ නියම ආර්ථික සංවර්ධනයක් කරා රට මෙහෙයවන විට දේශපාලන කුහකත්වය නිසා අසත්‍ය පතුරවමින් සිටින බවද ඔහු පවසයි.

එමෙන්ම 2014 අවසාන භාගයේ රාජපක්ෂ රෙජීමය විවේචනය කල සිරිසේන ජනාධිපති දැන් වරටත් ජනාධිපති අපේක්ෂකත්වය පතා රාජපක්ෂ පිල උඩ බවත් ඔහුගේ අසරණ ගෝලයන් කියන කතා ආණ්ඩුව එතරම් නොතකන බවද ඔහු අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න