මාර්තු 8 රැළිය : ගෝඨා වර්ජනය කරයි !

මාර්තු 8 රැළිය : ගෝඨා වර්ජනය කරයි !

එළඹෙන 08 වැනිදා මහනුවරදී පැවැත්වෙන දේශපාලන රැලියට පැමිණෙන ලෙස ආරාධනා ලැබී නොමැති බවත්, ආරාධනාවක් ලැබුණද තමන් සහභාගි නොවන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බවද ඔහු පවසා තිබේ.

දේශපාලන වේදිකාවලට නැගීමට කල්වැඩි බවත්, එහෙත් අවස්ථාව පැමිණි පසු දේශපාලන වේදිකාවලට ගොඩවන බවත් සඳහන් කර ඇති ඔහු රටම වෙනසක් ඉල්ලමින් තිබෙන බවත්, එහෙත් 05වනදා ඉදිරිපත් කරන අයවැය තුළින් ඒ වෙනස සිදුකළ නොහැකි බවත් පවසා ඇත.

ගෝඨා නොඑන හේතුව "මඩ" !

ම්මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පොහොට්ටු රැළි සඳහා ජනතාව කැඳවා ගැනීමට ගෝඨාභය නම විකුණන තම පාර්ශවයේම උදවිය ඔහුට නගන අවලාද සම්බන්ධව මුණිවත රැකීම ගැටළුවක් බවය.

තම පාර්ශවය ඒ හමුවේ බලවත් වේදනාවකින් පසුවන බවත් රට සංවර්ධනය කිරීමට තද පාලකයකු සිටිය යුතු බවට ජනතාව දැඩි ස්ථාවරයක සිටින බැවින් අවස්ථාව ලද විගස ජයග්‍රහණය කිරීමට ගෝඨාභය මහතාට හැකි බව විශ්වාසකරන බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න