Language Switcher

V2025

සිරිසේනගේ මඩ හින්දයි : බැදුම්කර වෝහාරික විගණනය ජාත්‍යන්තර සමාගමකට !

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනු සම්බන්ධව  වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි.

 ඒ අනූව තාක්ෂණික  යෝජනා ඇගයීමේ සහ මූල්‍ය යෝජනා ඇගයීමේ ප‍්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත තෝරාගත් එම්/එස් බීඞී ඕ ඉන්දියා එල්.එල්.පී නැමති ඉන්දියානු සමාගමට හා එම්/එස් කේ.පී.එම්.ජී ශ්‍රී ලංකා නැමති සමාගමට මෙම කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර  ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

මෙම  වෝහාරික විගණන කටයුතු සඳහා සුදුසු ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබිණි.

මීට අමතරව ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති පනතේ විධිවිධාන වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස්දීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

වර්තමානයේ ක‍්‍රියාත්මක පනත වසර 20ක් පමණ තිස්සේ ක‍්‍රියාත්මක වන එකක් වන අතර වර්තමානයට ගැළපෙන සුදුසු නියාමන ක‍්‍රමවේදයක් මගින් රාජ්‍ය අංශයේ ගිණුම් ප‍්‍රමිති සහතික කිරීමේ අවශ්‍යතාව, විගණන සමාගම්වල ක‍්‍රියාකාරීත්වයේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීම සඳහා රෙගුලාසි නිකුත් කිරීම, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්‍ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම යනාදී අත්‍යාවශ්‍ය යෝජනා ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීමට නියමිතය.