ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක ආදී ප්‍රබලයන් රැසක් විරුද්ධ බව දැනගන්නට තිබේ.
මෙම නායකයන්ට සමීප ආරංචිමාර්ග වලින් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක රටේ ඒකීය භාවය සලකා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙනවාට නොකැමැත්ත පළකරන බවය.
පාඨලී චම්පික රණවක සිය පක්ෂයේ ප්‍රතිපත්තිය මත පිහිටා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට විරුද්ධ බව පැවසේ.
මීට අමතරව තවත් බොහෝ දෙනෙකු ජනමත විචාරණයකට යෑමට සිදුවීම නිසා සහ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම අසීරු බව සලකා මෙම සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ වේ. මෙම තත්ත්වය තුළ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම දුෂ්කර බව ආණ්ඩුවේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබේ.
(අනිද්දා)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
