අයවැය නියමයි : චන්ද්‍රිකා කියයි !

අයවැය නියමයි : චන්ද්‍රිකා කියයි !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවලිය ඉතාමත් හොද අයවැයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කරයි.

උත්සවයකින් පසුව අයවැය සම්බන්ධව මාධ්‍ය සිදුකළ අදහස් විමසීමකදී හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇත.

විශේෂයෙන් ඈත පළාත් වල සිටින දිළිදු ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීමේ වැඩපිලිවෙලක් අයවැයේ ඇති බව සඳහන් කරන හිටපු ජනපතිනිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන්ද නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ජනතාවට මහත් සේවයක් බවද ඇය පවසා සිටියි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ නව පක්ෂයක් ආරම්භ කිරීමේ අදහසක් ඇතිද කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිනිය පවසා සිටියේ තම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් අද වන විට එය කඩා වැටී ජරා වී තිබෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩගැනීමට තමන් උදවු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න