පොහොට්ටු - අත : සන්ධානය ඇණහිටියි : එස්.බීටත් වාරණයක් !

පොහොට්ටු - අත : සන්ධානය ඇණහිටියි : එස්.බීටත් වාරණයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා නතරවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඒ සම්බන්ධයෙන් දැඩි අවුලකට පත්වී තිබෙන බවත් අනිද්දා පුවත්පත වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ බාධා කිරීම් නිසා සන්ධානය ගොඩනැගීමේ කටයුතු අඩපණ වී තිබෙන බවත් සන්ධානයට බාධා කරන නායකයන් කෙරෙහි මහජන විරෝධයක් ඇති වන ලෙස අදහස් දැක්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොදරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් කීය.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමේ සාකච්ඡා ගැන කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම සාකච්ඡා මේ වන විට ඇන හිට තිබෙන බවය. මෑතකදී එවැනි සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් පිළිබඳව දැනුම් නොදුන් බවත් ඔහු කීය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් කුඩා පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා නම් සාර්ථකව සිදුවෙන බවද ඔහු කීය.

මේ හේතුව නිසා ඒකාබද්ධ විපක්ෂය විසින් මාර්තු 08 වැනිදා මහනුවර නගරයේ සංවිධානය කර ඇති මහජන රැස්වීමට මෛත්‍රී පිල සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අනිද්දා කල විමසීමකදී ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය සන්ධානගත වී නොමැති නිසා එම රැස්වීමට සහභාගී නොවීමට මාර්තු 6 වනදා තීරණයක් ගෙන ඇති බවයි. (අනිද්දා)

රැළියට යන්න හිටපු එස්.බී ට වාරණයක් !

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය විසින් අද (08) නුවරදී පවත්වන ජන රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවන බැවින් කිසිවකුත් ඊට සහභාගී නොවන ලෙස නිල වශයෙන් ශ්‍රීලනිපය දන්වා ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම තීරණය ගෙන ඇති බවය. එහිදී අදාළ රැළියට යාමට සහ එය ඇමතීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක තදින් පවසා ඇති නමුත් ජනාධිපති සිරිසේන ඊට ප්‍රතිචාර දක්වමින් පක්‍ෂය විසින් ගන්නා ලද තීන්දුව අනුව කිසිවෙකුත් ඊට සහභාගී නොවිය යුතු බව දන්වා සිටි බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න