ඩිෆෙන්ඩරයට යට වූ පොලිස් ස්ථානාධිපති මියයයි

ඩිෆෙන්ඩරයට යට වූ පොලිස් ස්ථානාධිපති මියයයි

ඩිෆෙන්ඩර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් ඇත.

පසුගිය 24 වැනිදා අලුයම 4.35ට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බම්බලපිටිය ඩුප්ලි බුලස් හංදියේදී කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ඔහුගේ යතුරුපැදිය වැල්ලවත්ත දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුර සිදුවුණි.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියයන තෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

51 හැවිරිදි පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බොරලැස්ගමුව, වෙහෙරහැර, ගංගාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ආනන්ද සාගර යටකර පළාගිය රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුතා වන රවිශ්ක බණ්ඩාර අලුත්ගමගේඇතුළු පිරිසට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු තෙත්තිකුමාර කටයුතු කර ඇත.

සබැදි පුවත්

මහින්දානන්දගේ පුතාට අදහාගත නොහැකි ඇපයක් : තීන්දුව දෙනවිට මාධ්‍යවෙදීන්වත් ඉවත් කරලා !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න