තවත් රතු තරුවක් : සදහටම සමුගනියි !

තවත් රතු තරුවක් : සදහටම සමුගනියි !

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයකු වූ අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා මහතාගේ අවසන් කටයුතු අද(11) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ සිට සවස 4.00 දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ තැන්පත් කර ඇත.

එහිදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. ටී. ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ පිරිසක් කේ. පී. සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

ශ්‍රී ලංකා වාම ව්‍යාපාරයේ පුරෝගාමියකු වන කේ. පී. සිල්වා මහතා මිය යනවිට 96 වැනි වියෙහි පසුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න