රටවල් 10 කට නව තානාපතිවරුන් නම් කරයි !

රටවල් 10 කට නව තානාපතිවරුන් නම් කරයි !

රටවල් 10 ක් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුවන් දස දෙනෙකුව ජනාධිපති සිරිසේන විසින් පත්කර ඇත.

මේ වන විට ඔවුන්ගේ නම් අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු උසස් නිල තල පිළිබඳ කාරක සභාවට යොමු කර ඇත.

මෙලෙස නව ශ්‍රී ලංකා තානාපතිවරුන් නම් කරනු ලැබ ඇත්තේ තුර්කිය , ඕමානය , බහරේනය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඊශ‍්‍රාලය , පිලිපීනය , තායිලන්තය , ඉන්දුනීසියාව , නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ නිව්‍ යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන රටවල්සඳහාය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත. පත්කිරීම් අතර බහුතරයක් දෙනා ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් ය.

ඒ අනුව තුර්කිය සඳහා රිස්වි හසන් , ඕමානය සඳහා ඕ.එල්.අමීරාජ්වාද් , බහරේනය සඳහා එස්.ඒ.පී.පී.සාරම් , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම්.ජේ.පී.ජයසිංහ , ඊශ‍්‍රාලය සඳහා එස්.ඩබ්ලිව් විල්පාත , පිලිපීනය සඳහා එස්.කේ.ගුණසේකර , තායිලන්තය සඳහා ජේ.ඒ.එස්.කේ.ජයසූරිය , ඉන්දුනීසියාව සඳහා වයි.කේ.ගුණසේකර , නෙදර්ලන්තය සඳහා සුමිත් නාකන්දල සහ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් කේ.ඩී.සෙනවිරත්න යන නම් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න