දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සදහා එජාපයේ ගැටුම් !

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සදහා එජාපයේ ගැටුම් !

ජාතික මැතිවරණ කිහිපයක් ආසන්නයේ ඇති බැවින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිධූරයට එකී දිස්ත්‍රික්ක නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ ප්‍රබලයන්ම පත්කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය නොකරන කිසිවෙකු ඒ සදහා පත් නොකරන ලෙසත් එවැන්නක් සිදුවුවහොත් එය පසුපෙළ මන්ත්‍රීවරුන්ට සිදුවන අසාධාරණයක් බවත් එහිදී අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුර සදහා මේ වන විටත් එජාපෙ අමාත්‍යවරුන් අතර සීතල යුද්ධයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සිය අමාත්‍යාංශ වගකීම් නිසිලෙස සිදුනොකල අමාත්‍යවරුන් ඊලඟ මැතිවරණය පරාද වීමේ අවධානමේ සිටින නිසා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලෙස පත්ව එම පරාජයවීමේ අවධානමෙන් ගැලවෙන්න උත්සාහ දරණ බවත් එවැනි දුර්වලයින් පක්ෂයේ වගකීම් වලින් ඈත් කර දක්ෂතා ඇති පාර්ශවයන්ට අවස්ථාව දෙන ලෙසද පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.

මේ අතර නායකත්වය නිර්දේශ ලැබෙන තුරු කිසිවෙකු සදහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිත්වය ලබාදීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන තීරණය කර ඇති බවද වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න