JVP-TNA හමුව.....

JVP-TNA හමුව.....

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ප්‍රධාන කොටගත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද 11) දහවල් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවැත්විණි.

මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ පොදු අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවන්හීදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා ගනු ලබන තීරණය වෙනුවට පොදු මහජනතාවට ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජනමත විචාරණයකට අවස්ථාව දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙම අවස්ථාව සඳහා ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්තන් යන මහත්වරුන් සහභාගිවූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නායක අනුර දිසානායක, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන අය සහභාගි විය.

53609512 10218646064165873 4960196183269048320 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න