කරන්නාගොඩගෙන් පැය 08ක් ප්‍රශ්න කෙරේ

කරන්නාගොඩගෙන් පැය 08ක් ප්‍රශ්න කෙරේ

පැය අටක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

උදෑසන 9.00 සිට සවස 5.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් නියෝගයකට අනුව වසන්ත කරන්නාගොඩ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියේය.

වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඒ මහතා බදාදා (13) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි මීට පෙර රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න