LRT ස්ථාපනයට ජපානයෙන් ඩො.මිලියන 1850 ණය ආධාරයක්

LRT ස්ථාපනයට ජපානයෙන් ඩො.මිලියන 1850 ණය ආධාරයක්

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීමට සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17 ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ජයිකා ආයතනය විසින් 2018 – 2024 කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිත වන අතර මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් ලබාදීමට නියමිතයි.

ඒ සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවු. 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මෙම වසර තුළ ආරම්භ කරනු ඇත.

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවත්නා දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් ශීඝ්‍රගාමී ප්‍රවාහන පද්ධතියක් තුළින් ඵලදායී, කාර්යක්ෂම මගී ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ "දැක්ම 2025 : පොහොසත් රටක්" (V 2025) යන ප්‍රතිපත්තිය හරහා හඳුනාගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න