මීළඟ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් පමණයි !

මීළඟ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් පමණයි !

මීළග ජනාධිපතිවරණය සදහා තම පාර්ශවයේ අපේක්‍ෂකයා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණ යටතේ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඔහු මේ බව සදහන් කලේ උඩවලව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ද මීට පෙර කිහිප අවස්ථාවකදීම පවසන ලද්දේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණින් බවත් දෙසැම්බර් 09 වැනිදා ඔහු මෙරට ජනාධිපති වනු ඇති බවත්ය.

කෙසේ වෙතත් එම අපේක්‍ෂකයා කවුදැයි විපක්ෂ නායක මහින්ද අනාවරණය කලේ නැත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සදහන් කරන ලෙස සිරිසේන ජනාධිපති මීලඟ ජනාධිපති අපේක්ෂකත්වය පොහොට්ටු පාර්ශවයේ සහයෙන් ලබන්නට නම් එහි සමාජිකත්වය ගන්නට සිදුවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න