බොරු කතා අනවශ්‍යයි : වැඩ අවශ්‍යයි - ඇමති රවී

බොරු කතා අනවශ්‍යයි : වැඩ අවශ්‍යයි - ඇමති රවී

"එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද, නිවැරදි කළයුතු තැන් තිබෙනවාද බලන්න තමයි අපි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සදහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි" යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගිය 10 වනදා "සිරිකොත ගමට" කළුතර දිස්ත්‍රික් ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.

සිරිකොත ගමට වැඩසටහන ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන පානදුර, තොටවත්ත ප්‍රදේශයේදී සංවිධානය කර තිබිනි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් විසින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි ගෙන්ගෙට යමින්, ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු වලට ඇහුම්කන් දෙමින්, ඒවාට විසදුම් ලබා සීමට කටයුතු කළහ. ඊයේ දවස පුරා කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින් පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී, විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම මෙහිදී සිදුවූ වැදගත් සිදුවිමකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක,

"මේ ආකාරයෙන් අපි ගෙන්ගෙට ගිහින් ජනතාව සමග සාකච්ඡා කරන්න තීරණය කළේ, ඔවුන්ට තිබෙන ප්‍රශ්න, ගැටළු හදුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමටයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය. ජනතාව සමග තිබෙන බැදියාව. ඒ තුළින් තමයි අපේ පක්ෂය ඉදිරියට යන්නේ "

2Y1A1553

2Y1A1672

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න