8 වන වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාව : ලෝක ප්‍රසිද්ධ Flexicare ලංකාවේ අරඹයි..!

8 වන වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාව : ලෝක ප්‍රසිද්ධ Flexicare ලංකාවේ අරඹයි..!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත ‌සේනාරත්නගේ ඖෂධ සහ ‌වෛද්‍ය උපකරණ ලංකාවේ නිපදවීමේ වැඩ පිළිවෙල අනුව 8 වන කර්මාන්ත ශාලාවට පසුගියදා බණ්ඩාරගම දී මුල් ගල් තැබිණ.

එක්සත් රාජධානියේ Flexicare සමූහයේ පූර්ණ අයිතිය සහිත Flexicare Lanka (Pvt) Ltd සමාගම නවීන පහසුකම් රැසක් සමග ‌මෙසේ ආරම්භ ‌කෙරිණ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන10 ක් ආයෝජනය කරන අතර BOI අනුමත ව්‍යාපෘතියකි.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සහ විදුලි බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහභාගීත්වයෙන් Flexicare Lanka (Pvt) Ltd වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ආයතනයට මුල්ගල් තැබීම සිදුකෙරුණේ අංක 382/ X, කුඹුක පාර, රයිගම, බණ්ඩාරගම යන ස්ථානයේදී ය.

ලංකාවේ නිපදවන නිෂ්පාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් අපනයනය කිරීමේ අරමුණෙන් වෛද්‍ය උපකරණ සහ උපාංග නිපදවන ප්‍රථම කර්මාන්ත ආයතනයය ‌මෙය යි. නිෂ්පාදනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර නිශ්පාදන භූමියේ පූර්ණ වාණිජකරණය තුළ සේවකයින් 600 කට රැකියා සැපයීම සිදුකෙරේ. එමගින් රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට කටයුතු කරන අතර නිෂ්පාදන දේශීය බෙදා හැරීම සඳහා ටෙක්නොමඩික්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් සිදු ‌කෙරේ.

වෛද්‍ය උපකරණ සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සිදුකරන Flexicare නිෂ්පාදන සමාගම ‌ලොව ආරම්භ කර 2019 දී වසර 30 ක් සැපිරේ. එක්සත් රාජධානියේ වෛද්‍ය උපාංග නිෂ්පාදන සමාගමක් ‌ලෙස එය ආරම්භ කළ අතර ‌මේ වන විට ලොව පුරා අනුබද්ධිත සමාගම් 12 ක් සමඟ යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්රේලියාව ඇතුළු රටවල් 110 ක තම නිපදවීම් කරමින් අලෙවිකරණය සිදුකරයි.

මුල්ගල් තැබීමේ උත්සවයේ පිළිගැනීමේ කතාව ෆ්ලෙක්සිකෙයාර් සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ හෑෂ් පූමාන් මහතා විසින් කළ අතර ස්තුති කතාව ෆ්ලෙක්සිකෙයාර් සමූහයේ ආසියා ෆැසිෆික් අධ්‍යක්ෂ, කෙනී හූ මහතා විසින් පැවැත්වීය. ප්‍රධාන දේශනය කෙළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න