ඇමැති රවී : මහ බැංකුවේ රෙදි ගලවයි !

ඇමැති රවී : මහ බැංකුවේ රෙදි ගලවයි !

මහ බැංකුවේ නිලධාරීන් රාජකාරි කරන විට ඊට දේශපාලනය අවශ්‍ය නොවන බව අමාත්‍ය රවී කරුණානායක පවසයි .

අද (12) පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කල අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව බවත් සඳහන් කළේය.

එසේම කලාපයේ රටවල් අවම පොලියක් යටතේ බැඳුම්කර නිකුත් කර ඇති විට ශ්‍රී ලංකාව ඉහළ පොලී අනුපාතියක් යටතේ බැදුම්කර නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" රට ඇණ හිටවන්නේ මහ බැංකුවයි. මහ බැංකුව මෑත කාලයේදි අවුරුදු 10කින් කල් පිරෙන සෛවරීත්ව බැඳුම්කරයක් වැඩි පොලී අනුපාතයක් යටතේ නිකුත් කර තිබෙනවා. ඩොලර් බිලියන 1.4ක මුදලක් 7.85%ක පොලියකට ලබාගෙන තිබෙනවා. මැලේසියාව 3.87%, තායිලන්තය 2.51%, වියට්නාමය 7.48%, ග්‍රීසිය 3.84%, බොස්වාන 5.27%ක් ලෙස පොලී අනුපාත යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න