ඛේමාගේ කොලුවාගේ අයවැය නිසා සිරිසේන ලෝක අමාරුවක !

ඛේමාගේ කොලුවාගේ අයවැය නිසා සිරිසේන ලෝක අමාරුවක !

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ යන මන්ත්‍රිවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීමත් සමග ජනාධිපති සිරිසේන පාර්ශවය අර්බුදයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ අයවැය අවසන් ජන්ද විමසීමේ අවස්ථාවේදී තවත් නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ඊට පක්ෂව ජන්දය ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තාවීම නිසාය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මීට පෙර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ට සහය දීමක් සම්බන්ධව වාර්තා නොවූ කිහිපදෙනකුගේ නම් ජනාධිපති සිරිසේන වෙත වාර්තා වී ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව මේ වන විට සිරිසේන ජනාධිපති ට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානය - ශ්‍රිලනිප නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය ඉතාම සුළුතරය බවට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එම මන්ත්‍රීවරුන් ද 2015 ජනාධිපතිවරණ අවස්ථාවේ සිරිසේන පොදු අපේක්ෂකයා සම්බන්ධව විශ්වාසය නොතැබූ පිරිසක් වන අතර ඔවුන් සිරිසේන මහතාට සමීපව ඇත්තේ සමගි සන්ධාන ආණ්ඩු සමයේදී ය.

ඒ අනුව ජනාධිපති සිරිසේන බරපතල දේශපාලන උභතෝකෝටිකයට මුහුණදී සිටින අතර එලැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පොහොට්ටු පාර්ශවය වෙතින් ලබානොගත හොත් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහයක් නැතිව ජනාධිපතිවරණය ඉදිරිපත්වීමේ අවධානමක් ද මතුව තිබේ.

කෙසේ වුවත් අයවැය ට පක්ෂව ජන්දය ලබාදුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන ලෙස පිරිසක් ජනාධිපති සිරිසේන වෙත උපදෙස් නිකුත්කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න