සිරිසේන දිගටම කොක්ක දමයි : සුරක්ෂා සිසු රක්ෂණය අනාරක්ෂිතයි !

සිරිසේන දිගටම කොක්ක දමයි : සුරක්ෂා සිසු රක්ෂණය අනාරක්ෂිතයි !

පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය ක්‍රියාත්මක කිරීමට විදේශ රක්ෂණ සමාගමකට ලබාදී ඇති ටෙන්ඩරය සම්බන්ධයෙන් මීළඟ කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කිරීමට ඊයේ (12) පැවති කැබිනට් අමාත්‍ය රැස්වීමේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.

සුරක්ෂා රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ ටෙන්ඩරය විදේශ රක්ෂණ සමාගමකට දීම සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ද විරෝධය පළකර තිබිණි.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දැනට එම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමේ හැකියාවක් නැති බව පවසා තිබේ.

අනතුරව මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැති අතර ඒ පිළිබඳ තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවැරීමට තීරණය වී තිබිණි.

එහෙත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ අද පැවැති කැබිනට් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න