විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජිනීවා ගියත් - කතා බෑ !

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජිනීවා ගියත් - කතා බෑ !

ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ මෙරට සංහිඳියා ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ ස්ථාවරය දැක්වීමට විපක්ෂය නියෝජනය කිසිවෙකුට අවස්ථාව ලබානොදීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අදහස විදෙස් අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස හැර අන් කිසිවෙකුට ආණ්ඩුවේ ස්ථාවරය දැක්විය නොහැකි බවත් රජයට පරිභාහිර පාර්ශවයකට එහිදී අදහස් දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා රජයේ නිල නියෝජිතයන් නොවන පාර්ශවයන්ට ලැබෙන අවස්ථාවක් ලබාගත හැකි බවයි.

මේ අයුරින් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යොදවා අදහස් දැක්වීමට ජනාධිපති සිරිසේන කටයුතු යෙදවීම සම්බන්ධවය.

මේ සම්බන්ධ අප ආරංචිමාර්ග අවධාරණය කර සිටින්නේ විපක්ෂයේ නියෝජිතයන් ආණ්ඩුවක් වෙනුවෙන් අදහස් දැක්වීම ආචාරධර්ම පමණක් නොව විදෙස් සම්බන්ධතා සම්බන්ධවද ආණ්ඩුවට ප්‍රශ්නයක් විය හැකි බවය. එසේම ජනාධිපතිට ජිනීවා ගොස් විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම් එය රාජ්‍ය නායකයා ලෙස ඔහුට ඒ අවස්ථාව ලබාදිය් හැකි නමුත් නියෝජිතයන් යැයි කියාගන්නා උදවියට අතිශය තීරණාත්මක සහ ආන්දෝලනාත්මක කරුණක් සම්බන්ධව කිසිඳු අදහස් දැක්වීම ආණ්ඩුව බරපතළ අපහසුතාවට ලක්කරන්නක් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ සමුළුවේ ජනාධිපති විශේෂ නියෝජිතයන් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යොමුකිරීමට තීරණයක් ගෙන තිබිණ. එසේම එම අවස්ථාවට සහභාගී වන මෙම නියෝජිතයන් ශ්‍රී ලංකා ආණ්ඩුව ලෙස ඊට මැදිහත්වීමක් සිදුකිරීමටද නියමිතවූ බවටද මාධ්‍ය වාර්තා පළවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න