බස්නාහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ලක්ෂ 199ක ශිෂ්‍යාධාර !

බස්නාහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ලක්ෂ 199ක ශිෂ්‍යාධාර !

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින්ගේ දූදරුවන් වෙනුවෙන් වාර්ශිකව ප්‍රදානය කරන විගමණික දූදරු ශිෂ්‍යත්ව වැඩසටහනේ බස්නාහිර පළාත් වැඩසටහන පසුගියදා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, ලංකාවට වැඩි වශයෙන් ආදායම් ලැබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් උපයන ආදායමින් බවත්, ඔවුන් සේවය කරන්නේ රට වෙනුවෙන් බැවින් පෙරලා ඔවුන්ට සේවාවන් සැපයීම අපගේ යුතුකම බවයි. ඉදිරියේදී වෘත්තිය රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් ජපානය වැනි දියුණු රටවලට යැවීමට තමන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බවත්, ඒ අනුව අමාත්‍යවරයා ජපන් රජය සමග සාකච්ඡා කර එරට රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළේය.

මෙහිදී දරු දැරියන් 779 දෙනෙකු සදහා රු.19,920,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යාධාර ප්‍රදානය කරන ලදී. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 163 කු වෙනුවෙන් රු.20,000 බැගින් රු.3,260,000.00ක ශිෂ්‍යාධාර ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 490 දෙනෙකු සදහා රු.25,000 බැගින් රු.12,250,000.00 ක ශිෂ්‍යාධාර එහිදී ප්‍රදානය කර තිබේ. එසේම විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 126 දෙනෙකු සදහා රු.35,000 බැගින් 4,410,000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කරන ලදී.

කාර්යාංශය මගින් 1996 වර්ෂයේ සිට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සදහා ගොස් සිටින ශ්‍රමිකයින්ගේ දූදරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

ඒ අනුව 2018 වර්ෂය තුළදී විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 3203 දෙනෙකු සදහා රු.80,130,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ.

මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අධික්ෂණ මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනුෂ නානායක්කාර හා විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද එක්වී සිටියහ.

53503872 2347917325242792 2772012518934052864 o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න