Language Switcher

V2025

අධිකරණයට නැවතත් බලපෑම් : ඇමතිනි තලතා අනාවරණය කරයි

"අධිකරණ ඇමති හැටියට කියන්න ඕන අද සමහර අය අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරනවා. එහෙම වුණොත් කොච්චර සම්පත් තිබුණත් රට ආයෙත් ආපස්සට යනවා මිසක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ." අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩ සටහන යටතේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් රුපියල් ලක්ෂ 17 ක් වැය කරමින් අභිනවයෙන් ඉදි කළ නිවිතිගල වඳගල ප්‍රජා ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

රටේ කුමන්ත්‍රණයක් තිබ්බා බලය අල්ලන්න සමහරුන්ට බලය නැතුව ඉන්න බැරි නිසා, බලයෙ ඉන්න අයට බලය පවත්වාගෙන යන්නත්, බලය නැති අයට බලය දෙන්නත් ඔක්තෝම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණයක් කරපු නිසාත් මාස දෙකක් ඇතුලත, දවස් 52 ක් ඇතුලත ආණ්ඩුවක් නැති තත්වයට රට පත්වුනාම අපේ මුදල් වල තිබිච්ච මුදල් ආපහු ඒ ලැබිච්ච මුදල් සේරම අහෝසි කරා මොකද ඒ ආණ්ඩුවෙ ඒ නීතිවිරෝධී ආණ්ඩුවෙ පළවෙනි ඇමති මණ්ඩලයෙදි ගත්ත තීරණය තමයි ගම්පෙරළිය වැඩ සටහන අහෝසි කරන්න. මොකද ගමට කරන වැඩටික, ඉතින් නැවතත් අලුත් ආපහු රජයක් හැටියට විශේෂයෙන් එක්සත් ජාතික පෙරමුණේ රජයක් හැටියට. සමගි ආණ්ඩු නෙමෙයි අපි එක එක්සත් ජාතික පක්ෂය මූලික වෙච්ච අපේ ආණ්ඩුවේ අපි මේ වැඩ පිළිවෙල පටන්ගත්තා. ඉතින් දැන් මේ අවුරුද්දේ ලක්ෂ 2000 ක් මේ කොට්ඨාශෙට ඇවිල්ලා තියෙනවා. අද සමහර ඒවා තවම ගිවිසුම් අත්සන් කරලා නැති වුනාට මම ගියා නිරීක්ෂණය කරන්න ඒ තැන්වල පොඩ්ඩක් මුනගැහෙන්න පුලුවන් වුනා. වැඩ රාශියක් අපි කරනවා සන්තෝෂයි, මොකද, අපි ආවේ මේ වැඩ කරන්න. අපිට කරගන්න නෙමෙයි තමුන්නාන්සෙලාට කරන්න. මේ වැඩ කටයුතු අපි කරන්නේ ඇත්තටම හරිම සංතෝසයෙන්. වරප්‍රසාද අඩු, මේ ගම්වල අඩු පහසුකම් ඇති නොයෙකුත් විදිහේ ජීවිතයේ පීඩනයට ලක්වෙච්ච තමුන්නාන්සෙලාට උදව් කරන්න තමයි අපේ එකම බලාපොරොත්තුව. අපිට රටක් හැටියට අපිට සියලුම සම්පත් තියනවා. මුහුද තියෙනවා රට වටේම, වතුර ටික තියනවා, හොඳට හිරු එළිය තියෙනවා කෘෂිකර්මයට ඉතා හොඳයි මනුෂ්‍ය සම්පත තියනවා උගත්කම තියෙනවා කර්මාන්ත ශාලාවල අධ්‍යාපනය නොමිලේ තියෙනවා, සෞඛ්‍ය තියෙනවා ඉස්සර වගේ නෙමෙයි දැන් සෞඛ්‍ය අද ගොඩාක් වෙනස් කරලා තියෙනවා අපේ රාජිත සේනාරත්න ඇමතිතුමා ඉතින් අපිට ගොඩක් වැඩ කරන්න පුලුවන්කම තියෙනවා.

මේ ආණ්ඩුව බලය ගත්තේ ජනතාව වෙනුවෙන් !

හැබැයි පහුගිය කාලෙ විශේෂයෙන්ම 1994 ඉදලා 2014 වෙනකම් මේ රටේ තිබිච්ච පාලනය නිසා ගොඩක් දේවල් විනාශ වෙලා ගියා. එක කොටසකට සීමාවෙච්චි රටක් බවට පත්වුනා. එක පවුලකට සීමා වෙච්චි රටක් බවට පත්වුනා. අන්න ඒවා තමයි අපිට වෙනස් කරන්න පුලුවන්කම තිබුනේ. අද සංතෝෂ වෙනවා මට බය නැතුව ඕනි කෙනෙකුට කතා කරන්න පුළුවන් අපි නීතිවිරෝධී දේවල්, අයහපත් දේවල්, අශීලාචාර දේවල් මේ සමාජෙ කරන්න දෙන්නෙ නෑ, කරන්න ඉඩ තියන්නෙත් නෑ. මේ නිවිතිගල මැතිවරණ කොට්ඨාශය ගැන මම අමුතුවෙන් කියන්නට ඕන නෑ. ඒ කාලෙ තිබිච්ච විදිහ ගැන, තාමත් මට සමහර තැන්වල එක එක ආරංචි වෙනවා. මං ඒ ගැන බොහොම සෙවිල්ලෙන් බැලිල්ලෙන් ඉන්නවා, මොකද රජයේ නිලධාරීන් හෝ වේවා, දේශපාලන බලය අත්කරගෙන හෝ වේවා, කව්රුහරි නීතිවිරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධයෙන් මම ඕනම කෙනෙක් ගැන තීන්දු තීරණ ගන්න කැමති කෙනෙක්. මොකද අපි ඇවිල්ලා තියෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ජනතාව වෙනුවෙන්, දැන් මට මේ වැඩ නවත්තන්න හිතෙනවා. ගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ලොකු රැල්ලක් තිබුනා එක පුද්ගලයෙකුට, අද එයාට කිසිම දෙයක් කරන්න බෑ. එදා කිව්වා ආණ්ඩුව තියෙන්නේ අපි ගාව අපේ අජිත් නාවලගේව දිනවල දෙන්න, අපි මේක සම්පූර්ණ වෙනසක් කරන්නම්. අපිට ඒක අද, අපිට ඒක නවත්තන්න තිබ්බා. හැබැයි අපි එහෙම කුහක කම් කරන්නේ නෑ. අනේ ප්‍රාදේශීය සභාවෙ වැඩේනෙ ප්‍රජාශාලාව හදන එක පාර හදන එක ආණ්ඩුවෙ කාර්යයක් නෙමෙයි කියල අපිට මේවා නවත්තන්න තිබුනා . මේ අවුරුද්දෙත් මං 2018 වසරේ ලොකු සංවර්ධන සැලැස්මක් නිවිතිගල නගරයට තිබ්බා. නිවිතිගල නගරයේ විශේෂයෙන් ම ක්‍රීඩා පිටියක් එක්ක මට අවශ්‍ය වෙලා තිබ්බා නිවිතිගල කියන්නේ ජාත්‍යන්තර මැණික් වෙළඳපලක් කියල බවට පත්කරන්න. උදේට ඔයගොල්ලො දන්නවා, එන ප්‍රමාණය 600ක් - 700ක් දෙනා මුළු ලංකාවෙන් ම එනවා. හොරෙන් ගිහිල්ලා ගඟේ එහෙම ගිහිල්ලා ගේන ගල අරගෙන යන්න එනවා. මොකද වදගල විතරක් නෙමෙයි අද මම අබේගලට ගියේ ජීවිතේ පළමු වතාවට සමහර විට මම ගියානම් මම යනකං ඉඳලා ගම්වල මිනිස්සුන්ට හිරිහැර කරනවා. අඩුතරමේ රතිඤ්ඤා කරලක් හරි දානවා. ඉතින් අපිට එහෙම හිරිහැර වෙනවානම් අපිට දේශපාලනය වැඩක් නෑ. මොකද අපි බලන්නේ නීතිගරුක විදිහට, ශීලාචාරවිදිහට, මේ රටේ මිනිස්සු නීතිය දන්නේ නෑ නෙ. නීතිය දන්නේ නැති නිසා සමහරුන්ට මරණ දඩුවම නියම වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට මොකක්ද කරන්නේ.

පාසල් විෂය මාලාවට නීතියත් එකතු කරන්න !

මම ඉල්ලීමක් කරල තියෙනවා හාමුදුරුවනේ අධ්‍යාපනයට නීතිය විෂයයක් විදිහට ඇතුල් කරන්නට, පාරෙ ඇවිදින්නේ කොයි පැත්තෙන්ද, හෙල්මට් එකක් නැතිව ඇයි බයිසිකල් පදින්න බැරි, නිවිතිගල හරි මෝස්තරයක් වෙලා තියෙනවා හෙල්මට් එකක් නැතිව බයිසිකල් පදිනවා. හැබැයි දන්නේ නෑ හෙල්මට් එකෙන් දෙන්නේ ඔළුව ආරක්ෂා කරනව කියලා. හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වුනොත් මුළු ජීවිත කාලෙම ඇඳ උඩ ඉන්න වෙනවා. ඔළුව තුවාල වුනොත් එහෙම, මේවා හැම එකක්ම නීතිය නිසා ආරක්ෂා කරල තියෙනවා, අපිත් හැම තිස්සෙම කියනවා හැබැයි මේ වටපිටාව මම වෙනස් කරගෙන ආවා පහුගිය කාලේ ආපහු මට පේනවා නිවිතිගල නගරය නීතියක් නැති නගරයක් බවට පත්වෙමින් ඉන්නවා. නිවිතිගල නගරයෙ සමහර නීතිවිරෝධී වැඩ වෙන විත්තිය මම දන්නවා, ඉතින් මේවා බොහොම කල්පනාවෙන් බලාගෙන ඉන්නවා. මේ සම්බන්ධ අය ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනි අය දැන් කරන් නෑ. මම ස්වාමීන්වහන්සේගෙන් එක ඉල්ලීමක් කරනවා, ස්වාමීන් වහන්ස අපිට සිංහල කමයි, බෞද්ධ කමයි මතක් වෙන්නේ ගොඩක් අයට මැතිවරණයක් ආවහම, මොකද ඡන්දෙ ඉල්ලන්න විතරයි. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ප්‍රතිපත්තියක් තියෙනවා ස්වාමීන් වහන්සේලාට අපි නාමයෝජනා දෙන්නෙ නෑ. අපි ඔබවහන්සේලා දරාගෙන ඉන්න මේ චීවර, එතන අපි ගරු කරන්නේ අපේ බුදු හාමුදුරුවෝ වගේ. අපි කවදාවත් ඔබ වහන්සේලාගෙන් මෙහෙම නිකම්ම වාඩිකරන්නේ නෑ තියෙන ආසනයට සුදු රෙද්දක් දලා වාඩිකරන්නේ තියෙන ගෞරවය නිසා. නමුත් සමහර අය හිතනවා ස්වාමීණ්වහන්සේලාට සලකන්නේ නෑ ස්වාමීණ්වහන්සේලාට තැනක් නෑ, බෞද්ධයින්ට තැනක් නෑ පක්ෂය තුල මේ ආණ්ඩුව තුල කියලා. මම බයනැතුව කියනවා මේ ආණ්ඩුව තරම් කිසිම ආණ්ඩුවක් වෙහෙර විහාර ගොඩනගන්න කටයුතු කළේ නෑ. සමහර අය, දැන් මම, අපි දන්නවා අපේ අගමැතිතුමා මේ රටේ තියෙනවා මධ්‍යම සංස්කෘතික අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම විදේශකයන්ගෙ මුදල්. මධ්‍යම සංස්කෘතික අරමුදල කියල කියන්නේ එතෙන්ට අපේ පෞරාණික ස්ථාන, සීගිරිය හෝ වේවා, දඹුල්ල විහාරස්ථානය හෝ වේවා අපේ අටමස්ථානය හෝ වේවා, නරඹන්නට විදේශිකයන්ගෙන් මුදලක් අයකරනවා. ඒ මුදල අයකරන්නේ ඩොලර් වලින් ඇමරිකානු ඩොලර් වලින් ඉතින් විශාල මුදලක් මේ අරමුදලේ තියෙනවා. ඒක වෙන කාටවත් අත තියන්න බැහැ. හැබැයි ඒකෙ කවදාවත් වෙන වෙන වැඩ වලට වැඩ කරන්න පහුගිය කාලවල කටයුතු කළා අපිට පුළුවන් වුනා.

අපි වතුර ප්‍රශ්නය විසඳුවේ UNP පාක්ෂිකයට විතරක් වතුර දීලා නෙවෙයි !

අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අදියර දෙකකදි රටපුරා තියෙන විහාරස්ථාන දෙදහස් දෙසීයක අඩුම තරමේ ලක්ෂ තුනක මුදලක්වත් ලබාදෙන්න. ඉතින් අර ප්‍රචාරය වන ධර්මය අපි පාවිච්චි කරන්නේ නෑ අපේ තමන්ගේ පුද්ගලික වාසියට, අපි මේ වැඩ කටයුතු කරන්නේ . සිංහල බෞද්ධකම ගැන කථා කරන අපි හරි කණගාටුවෙන් කියන්න ඕන අපි හරි කුහකයි.දැන් මෙහේ වතුර ප්‍රශ්නයක් තිබුණා අද වතුර දෙන්නේ යූ එන් පී කාරයාට විතරක් නෙවෙයි.පවුලේ අයට විතරක් නෙවෙයි.ඒ නිසා අපි සියලුම දෙනාම එකම සහෝදර බැම්මකින් ජීවත් වෙන්න ඕන.අපි රජය විදිහට කටයුතු කරන්නේ බලය පවත්වා ගන්න විතරක් නෙමෙයි.අද හරි දේ හරියට කරනවා.මේවා දේශපාලන වාසි බලා ගෙන විතරක්ම බලයේ ඉන්නම නෙමෙයි හරි දේ අපි හරියට කරන්න ඕන .විනය ගරුක නීති ගරුක සමාජයක් මේ පලාත්වල අපි ඇති කරන්න ඕන.මේවා සියල්ල කරන්නේ අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතෙයි.කුමන්ත්‍රණ කළ නීති විරෝධී අගමැතිවරු පත් කර ගන්න හැදුවා .නීති විරෝධී ආණ්ඩු හැදුවා .අද ඒවා කරනවා විතරක් නෙමෙයි සමහර අය අද අධිකරණයටත් බලපෑම් කරන්න උත්සාහ කරනවා.

අධිකරණය පවා ස්වාධීන කළේ යහපාලන ආණ්ඩුවෙන් !

අපේ යහපාලන රජය තුළින් තමයි අධිකරණය ස්වාධීන කළේ.ඉස්සර නඩුකාරතුමන්ලාට කථා කරලා කිවුවහම ඒ තීන්දුව ලියපු යුගයක් තිබුණා.අපි ඒවා නතර කළා ඒත් මම අධිකරණ ඇමති හැටියට කියන් ඕන අද සමහර අය අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරනවා.එහෙම වුණොත් කොච්චර සම්පත් තිබුණත් රට ආපස්ස්ට ආයෙත් යනවා මිසක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නැහැ.අද ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව දෙන්න අපේ මුදල් ඇමතිතුමා මුදල් ලබා දුන්නා .ඒ ලක්ෂ හයකට සමෘද්ධි දීමනාව දෙන කොට අපි බලන එකම නිර්ණායකය නැති බැරිකම දුප්පත්කම විතරයි.මගේ මේ ආසනයේ හැම වසමකටම හතලිස් පහකට සමෘද්ධිය ලබා දෙන්න පුළුවන්.කල්පනා කරලා බලන්න 1995 ඉඳලා අද වෙනකල් සමෘද්ධිය ගන්න සමහර අය ඉන්නවා .එදා ඒ අය තහංචි දාලා තිබුනා එක්සත් ජාතික පකෂයේ කෙනෙක් නම් සමෘද්ධිය තහනම්.අපේ මනුස්සයෙකුට සමෘද්ධිය විතරක් නෙවෙයි වතුර ටිකත් තහනම් වෙලා තිබුණා.සමෘද්ධිය දෙන්නේ පක්ෂය හොයලා බලලා නෙවෙයි නැති බැරිකම ගැන හොයලා බලලා.සුදුසු පුද්ගලයින්ට ඒක ලැබෙනවා ද කියලා අපි හොයලත් බලනවා.හැමදාමත් අසරණ වෙච්ච කර ගන්න දෙයක් නැති පිරිසකුත් මේ පළාත්වල ජීවත් වෙනවා.අපි හම වෙලාවේම උත්සාහ කරන්නේ සාධාරණ දේ කරන්න.අද මේ නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ සුසාන භූමි සදහා වෙන් කල බිම්වත් නැහැ.ඒවාගේත් නීති විරෝධී විදිහට පදිංචි කරවලා.අපි බලා ගෙන හිටියේ ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරලා ඒ කටයුතු ටික නිවැරදි කරන්න.මොකද බලයක් නැතිව වැඩ කරන්න බැහැ.හැම වසමකම සුසාන භූම් දෙකක්වත් වෙන් කරන්න ඕන ඒවා නැහැ.අපි කණගාටු වෙනවා ඕවා තමයි ප්‍රාදේශීය සභාවක වගකීම.දැන් ප්‍රාදේශීය සභාවේ අයට මේවා කරන්න පුළුවන් .රජය මැදිහත් වෙලා කරන්න පුළුවන් කටයුතු ටික උපරිම වශයෙන් අපි කරනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.