HND මහපොළ රුපියල් 1000කින් ඉහළට !

HND මහපොළ රුපියල් 1000කින් ඉහළට !

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව එම ආයතනයේ සිසුන් වෙත මාසිකව ගෙවූ රුපියල් 1500ක් වන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය තාක්ෂණ අධ්‍යාපන පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධානය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රමුඛතම ආයතනයකි. එහි ප්‍රා දේශීය මධ්‍යස්ථාන 19ක සිසුන් 20000කට අධික පිරිසක් ඉගෙනුම ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න