විදුලි සෝපාන සදහා ආරක්ෂක සහතිකය අනිවාර්ය වෙයි !

විදුලි සෝපාන සදහා ආරක්ෂක සහතිකය අනිවාර්ය වෙයි !

ආරෝහක යන්ත්‍ර (Elevators) හා විදුලි සෝපාන යන්ත්‍ර (Escalators) සඳහා විද්‍යුත් ආරක්‍ෂාව පිළිබඳ සහතික ලබා ගැනීමට අවශ්‍යතාව ඇතිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අවධානය යොමුව තිබේ.

ඒ අනුව සෑම ආරෝහක යන්ත්‍රයක් හා විදුලි සෝපානයක් සඳහා සහතිකයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ඇතිකිරීමේ යෝජනාව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ගොඩනැගිලිවල සවිකර ඇති ආරෝහක යන්ත්‍ර හා විදුලි සෝපාන යන්ත්‍ර තුළ ඇතිවන අනතුරු අවම කර ගැනීමේ අපේක්‍ෂාවෙන් මෙම තීරණය ගෙන ඇත.

එවැනි අනතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලි ඇනහිටීම් හේතුවෙන් සිදුවන බවටද කරුණු ඉදිරිපත්ව තිබේ.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාවෙන් අදාළ යන්ත්‍ර පිළිබඳ යෝග්‍යතා සහතික නිකුත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීමටද යෝජනා වී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න