Language Switcher

V2025

බැදුම්කර කොමිසමෙන් මට චෝදනා නෑ - අගමැති රනිල්

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.