නවසීලන්ත පොලිසියෙන් ආදර්ශයක් !

නවසීලන්ත පොලිසියෙන් ආදර්ශයක් !

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බවත් එම වීඩියෝ පටය අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ ප්‍රසිද්ධියට පත් නොකරන්නැයි නවසීලන්ත පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නවසීලන්ත පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත්කර මෙසේ සදහන් කර ඇත.

“ක්‍රයිස්ට්චර්ච් සිදුවීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබේ. එම වීඩියෝපටය අන්තර්ජාලයට නිකුත් වී ඇති බව ද දැනගන්නට ලැබී තිබේ”

“එම වීඩියෝ පටය තවදුරටත් ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස අපි ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිනවා. එම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා”

නවසීලන්ත පොලිසිය සිදුකළ මේ ඉල්ලීම ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල අතර දැඩි ප්‍රසාදයක් පලවෙමින් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න