රාජපක්ෂ පවුල තීන්දුවක් අරගෙන : පොහොට්ටුව අපේක්ෂකයා ගෝඨා !

රාජපක්ෂ පවුල තීන්දුවක් අරගෙන : පොහොට්ටුව අපේක්ෂකයා ගෝඨා !

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවක දී තීරණය වී ඇති බව ඉරිදා (17) ලංකාදීප පුවත්පත වාර්තාකරයි.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙම සාකච්ඡාව පසුගිය 14 වැනිදා බවද එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙදින පැවැති සාදයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් සහභාගී වී ඇති බවත් කිසිදු බාහිර පුද්ගලයෙකුට සහභාගී වී නැති බවත් එහි සඳහන් වේ.

පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා දිනවීමේ වගකීම බාරගෙන තමන් රට පුරා යාමට තමන් සූදානම් යයි බැසිල් රාජපක්‍ෂ මහතා පැවසූ බවද වාර්තාවේ දැක්වෙයි.

මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුන් මෙම හමුවට එක්ව සිටි බව ද පැවැසේ.

මේ සමග ගෝටාභට රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාය ඉවත් කර ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න