ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ගත් ග්‍රාමීය කතුන්ට රනිල්ගෙන් සහනයක් !

ක්‍ෂුද්‍ර මුල්‍ය ණය ගත් ග්‍රාමීය කතුන්ට රනිල්ගෙන් සහනයක් !

ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ප්‍රමාණයේ ණය මුදල් අවලංගු කිරීමට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ග්‍රාමීය ආර්ථිකය දියුණුකිරීම සඳහා රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.

අනුරාධපුර කැකිරාව මහඇලගමුව රජමහා විහාරයේ ඉදිකිරීමට නියමිත දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

විහාරස්ථ බෝධීන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට නිරාවරණය කිරීම අගමැතිවරයා අතින් සිදුවුණේ ඉන් අනතුරුවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න