තැන තැන ලයිට් ගියේ : නොරොච්චෝලේ ප්‍රශ්නයක් නිසා !

තැන තැන ලයිට් ගියේ : නොරොච්චෝලේ ප්‍රශ්නයක් නිසා !

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් ඊයේ (18) හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් ඊයේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර එදින පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට තාක්ෂණික ගැටළුවක් ඇතිවී වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.

මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය.

මේ සම්බන්ධව විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වෙතින් විමසු විට ඔහු සඳහන් කර සිටියේද පවතින අර්බුදය කඩිනමින් විසඳා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු යොදන ලෙස අමාත්‍ය රවී කරුණානායක අවශ්‍ය නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බවයි.

තාක්ෂණික දෝෂය කඩිනමින් විසදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ අනුව පද්ධතිය කඩිනමින් යථාවත් වීම අපේක්ෂා කල හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න