බරපතල දුෂණ වංචා සොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජී.එල් .පීරිස් ගේ පක්ෂයේ අය බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ පසුගිය 08 වනදා හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයද අලි බබා සහ හොරු හතලිහ මෙන් බැවින් ඔවුන්ටද ජන්දය දිය නොහැකි බවත් ඒ අනුව ඉතිරි වන්නේ හොරු ඇල්ලීම සඳහා කොමිෂන් සභා පත් කර පාට පක්ෂ භේදයකින් තොරව තනතුරු පසෙකලා හොරුන්ට දඬුවම් දීමට ක්‍රියා කළ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුතු සන්ධානය බවත්ය.
බුලත් කොලේ ඉනිමගට පයින් ගහනවද
රාජ්‍ය අමාත්‍යවරයා එම ජනහමුවේදී තවදුරටත් මෙසේද පවසා ඇත.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති උනෙත් දෙපාරක් ජනාධිපති උනෙත් බුලත් කොළෙන්. එතුමාගේ අයියා චමල් රාජපක්ෂ මහත්තයා කතා නායක උනේ බුලත් කොළෙන්. පුතා නාමල් රාජපක්ෂ මන්ත්‍රී උනේ බුලත් කොළෙන්. මාත් බුලත් කොළෙන්. එනිසා කවුරුහරි බුලත් කොළේට කෙල ගහනවානම් , ඒ බුලත් කොලෙට පයින් ගහනවා නම් අප කරන්නේ අම්ම තාත්තා අමතක කළ වාගේ වැඩක්. බුලත් කොලේ ඉනිමගෙන් උඩට නැගිලා ඒ ඉනිමගට පයින් ගැහුවා වගේ වැඩක්.
එජාපයේ සමහරු සරම ඇදන් ඔලුවෙන් හිටගෙන
මේ ප්‍රාද්ශීය සභා මැතිවරණයේදී ආණ්ඩු පෙරලන්න බැහැ. නමුත් ඔලු ගෙඩි වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණයි .අගමැති පත්කරන්නේත් ඇමතිවරු පත්කරන්නේත් ජනාධිපතිතුමයි . ඒක තේරෙන්නේ නැති එජාපයේ සමහරු සරම ඇදන් ඔලුවෙන් හිටගෙන කතා කරනවා එතකොට පේන්නේ මොකක්ද ? මහබැංකු මුදල් කොල්ලය තුළ ඒ සොකරම් කල අර්ථ සාධක අරමුදලින් බහුතරයක් මේ අහිසංක ජනතාවගේ මුදල් වතුකම්කරුවන්ගේ මුදල් ඒවා තමයි සොකරම් කරල තියෙන්නේ. එහෙම බලන කොට මේ ජන්දදෙදි එජාපයට ජන්දයක් දෙන්න බැහැ . මොකද ලොකු එකා එහෙම සොකරම් කළාම පොඩි උන් හිතනවා පොඩ්ඩක් හොරකම් කරන්න .

