බැඳුම්කර වාර්තාව නැත්නම් විවාද වැඩක් නෑ - පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවෙයි

බැඳුම්කර වාර්තාව නැත්නම් විවාද වැඩක් නෑ - පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවෙයි

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ඇතුළුව බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසිලෙස භාවිතා කිරීම සම්බන්ධව විමර්ශනය කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති වාර්තා 34 පාර්ලිමේන්තුවේ සභාගත කලයුතු බව අද (09 ) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවූ බව වාර්තා වෙයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදීමෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව හෙට (10) රැස්වීමට නියමිත අතර ඊට අදාළව අද මෙම පක්ෂ නායක හමුව කැඳවන්නට කතානායකවරයා කටයුතු කර තිබේ.

 එහිදී පක්ෂ නායකයින් කතානායකවරයා වෙත දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුව රැස්කරන්නේ අදාළ වාර්තා පිළිබඳ විවාද කිරීමට නම් එම වාර්තා සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරන ලෙසය.

එසේම වාර්තා නොමැති නම් විවාද කිරීමෙන් ඵලක් නොමැති බවද එහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයන් සඳහන් කර ඇත.

වාර්තා වන ආකාරයට මෙම පක්ෂ නායක හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන අවධානය යොමුකර ඇත්තේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පමණය. නමුත් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ බැඳුම්කර වාර්තාව ඇතුළුව අනෙක් වාර්තා 34 ම සභාගත කළයුතු බව අවධාරණය කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

සබැඳි පුවත්:

 පාර්ලිමේන්තු විවාදය බැඳුම්කර වාර්තාව නැතුව !

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න