වසර 6ක් ම ජනාධිපතිධූරයේ ඉන්න නීති බාධා තියනවද ? : ජනපති

වසර 6ක් ම ජනාධිපතිධූරයේ ඉන්න නීති බාධා තියනවද ? : ජනපති

සිය ධූරකාලය වසර හයක් (06) දක්වා එනම් 2021 ජනවාරි 09 දක්වා දැරීම සඳහා කිසියම් හෝ නීතිමය බාධාවක් තිබේදැයි බලා දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත දැනුම්දී තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම පිළිබඳ අගවිනිසුරුවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා ලිපියක් මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත දැනුම්දී ඇත.

එම ලිපිය අනුව ජනාධිපතිවරයා විසින් අගවිනිරුසුවයා වෙත යොමුකර ඇති ප්‍රශ්නය වනුයේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, තේරී පත්වූ අයෙකු ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) වගන්තිය ප්‍රකාරව 2015 ජනවාරි 09 වනදා පටන් ජනාධිපති ධූරය දරන මා හට 2015 ජනාවාරි 09 වනදා සිට වසර 6ක කාලයක් සඳහා එම ධූරය දැරීමට කිසියම් බාධාවක් තිබේද?” යන්නය.

ජනවාරි 14 හෝ ඊට පෙර දන්වන්න

එසේම අදාළ ප්‍රශ්නය ජනාධිපතිවරයා යොමුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) උප වගන්තිය ප්‍රකාරව වන අතර ඊට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය 2018 ජනවාරි 14 වන දින හෝ ඊට පෙර ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසද දන්වා ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට යවා ඇති ලිපියේ සඳහන්ව ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ජනාවාරි 11 : පෙ.ව. 11 ට රැස්වෙයි

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුවත් කර ඇත්තේ අදාළ කාරණය පිළිබඳ 2016 ජනවාරි 11 වන දින පෙරවරු 11.00 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විමසා බැලීමට නියමිත බවය.

කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාගේ ලිපියේ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ කාරණය විමසා බැලෙන දිනය ලෙස 2016 ජනවාරි 11 වනදා සටහන්ව ඇත්තේ දෝෂයක් නිසා වියයුතු අතර ඒ අනුව අදාළ දිනය 2018 ජනවාරි 11 වනදා ලෙස නිවැරදි විය යුතුව ඇත.

කෙසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6 සිට 5ක් දක්වා අඩු කරණු ලැබිණ. ඒ යහපාලන පොරොන්දුවක් අනුව විධායක ජනාධිපති ධූරය වටා අත්තනෝමතික බලයක් කේන්ද්‍රගතවීම වළක්වාලීමේ අපේක්ෂාවෙන් යුතුවය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ජනාධිපති ධූර කාලය වසර 5ක් පමණි.(පැවතියේ වසර 6කි). එසේම දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය. තවද ජනාධිපතිට එරෙහිව නඩු පැවරීම කළ හැකිය. ඊට අනුව මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකිය.
එසේ වුවද ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු ගොනු කළ නොහැකි බව ද එහි සඳහන්ය.

IMG 3640 1

 ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාගේ ලිපිය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා සිදුකල කතාව පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න