තිලංග හොර පාරෙන් ක්‍රිකට් විධායක කමිටුවට : ක්‍රීඩා ඇමතිට පෙත්සම් ගලා එයි !

තිලංග හොර පාරෙන් ක්‍රිකට් විධායක කමිටුවට : ක්‍රීඩා ඇමතිට පෙත්සම් ගලා එයි !

ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

එම පෙත්සම්වලින් පෙන්වාදී ඇත්තේ ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීමට නොහැකි බවත් එය වළක්වාලන නියෝගයක් ක්‍රිකට් ආයතනයට නිකුත් කරන ලෙසත්ය.

එසේම ක්‍රීඩා පනතට අනුව ඍජුව සහ වක්‍රව සූදු ව්‍යාපාරවල නිරත වන්නන්ට ජාතික ක්‍රීඩා සංගම්වල කිසිදු තනතුරක් දැරිය නොහැකි බවත්, හිටපු සභාපතිවරයා ඍජුව සහ වක්‍රාකාරයෙන් ඊට සම්බන්ධ බවට තොරතුරු ද එම පෙත්සම් වල දක්වා ඇති අතර එබැවින් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලමින් නියෝගයක් ලබාදෙන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙතින් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව මෙම මස කිහිපවරක්ම රැස්වී තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර, එම රැස්වීම් සියල්ලටම හිටපු ක්‍රිකට් සභාපතිවරයා සහභාගී වී ඇති බවත්, විධායක කමිටුවේ ලිඛිත වාර්තා පිරික්සීමේදී පෙනී ගිය බවත් එම පෙත්සම්වල සඳහන් වේ.

ඒ අනුව හිටපු ක්‍රිකට් සභාපතිවරයාට ජාත්‍යන්තර සබඳතා සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ සභාපතිත්වය පිරිනමා ඇති බවත්, මෙරටදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ සියලුම මෙහෙයුම් කටයුතු ඇතුළු ජාතික ව්‍යාපෘති ගණනාවක් ඔහු යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් එම නිසා ඉන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ව්‍යවස්ථාවටද අගතියක් වන බව එම පෙත්සම්වලින් පෙන්වාදී තිබේ.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ එම පෙත්සම්වලට ඔහුගේ සහෝදරයාගේ නමින් BLT/1002 දරන ලිපිගොනුව යටතේ බදු ගෙවන ලියාපදිංචි සූදු ව්‍යාපාරයක තොරතුරුද යොමු කර ඇති බව අනාවරණය වේ.

තවද එම පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් වනුයේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න