බැසිල්ගේ නඩුවක් මාස 05කට කල්‍ යයි !

බැසිල්ගේ නඩුවක් මාස 05කට කල්‍ යයි !

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් විභාග කිරීම අගෝස්තු මස 07 වනදා දක්වා මාස 05කින් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (28) නියෝග කර තිබේ.

අද මෙම නඩුව කැදවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා ඇත්තේ එම නඩු විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර ඊට අදාළ විභාගයක් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි.

අභියාචනාධිකරණ තීරණය ලැබෙන තුරු එම නඩුවේ විභාගය අගෝස්තු මස 07 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ ඒ අනුවය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැඟුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න