මාර්තු 26 වනදා චීනයේ දී ඇරඹෙන 2019 ආසියානු ආර්ථික හා නැගී එන වෙළඳපොළ පිළිබඳ BOAO සම්මේලනය යටතේ පැවැත්වෙන ආසියානු මාධ්‍ය ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනයක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න ඇරයුම් ලැබ සිටී.
චීනයේ හයිනෑන් (Hainan Province) හිදී මාර්තු 26 සිට 29 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 50 කට අධික සංඛ්‍යාවක නියෝජිතවරු සහභාගී වෙති.
ඔහු එකී දේශනය පවත්වනු ලබන්නේ ආසියානු කලාපයේ සංවර්ධනය වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රෙයහි මෙහෙවර හා වගකීම යන මාතෘකාව යටතේ කලාපය තුල ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධන ඉලක්ක සඳහා පොදු එකඟතාවයන් ඇතිකර ගැනීම සඳහා කැපවුන BOAO සමුළුවේ මෙවර ප්‍රධාන දේශනය සිදු කරනු ලබන්නේ චීන අග්‍රාමාත්‍ය ලී කේ කියාන් විසිනි.
මෙවර BOAO සමුළුවට දකුණු කොරියානු අගමැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, ජගත් සංවිධානවල ප්‍රධානීන්, පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් හා ලොව පුරා මාධ්‍යෙව්දීන් ඇතුළු නියෝජිතයන් 2000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න මීට පෙර ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුව, ඩුබායිහි පැවති මැද පෙරදිග පුවත්පත් සමුළුව, ඉන්දියාවේ පැවති ආසියානු පුවත්පත් හා මාධ්‍ය සමුළුව සහ නෙදර්ලන්තයේ පැවති ජගත් පුවත්පත් සංසදය මගින් සංවිධාන කළ අන්තර්ජාතික මාධ්‍ය ප්‍රකාශකයන්ගේ සමුළුව ඇතුළු දෙස් විදෙස් සමුළු රැසක ප්‍රධාන දේශන ඉදිරිපත් කර ඇත.
ඔහු BOAO ආසියානු මාධ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව ඇමතීමට නියමිත ඇත්තේ එහි අවසන් දිනය වන 29 වනදාය.



