විපක්ෂය පස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්නා - කිරිඇල්ල

විපක්ෂය පස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්නා - කිරිඇල්ල

පිටුපසින් සිට පිහියෙන් අනින්නට විපක්ෂය ඉතා දක්ෂ බවත් ඡන්දයකට නොයන බවට පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව මන්ත්‍රිවරුන් විපක්ෂය විශ්වාස කර කටයුතු කරන්නට යෑමෙන් අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මෙහෙයවීමෙන් අද (31) මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කිරිඇල්ල අමාත්‍යවරයා,

වැය ශීර්ෂ පරාජයට පත්වීම අලුත් දෙයක් නොවන බවත් රත්නසිරි වික්‍රමනායක මහතාගේ මෙන්ම ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අමාත්‍යාංශ වල වැය ශීර්ෂද මේ ආකාරයෙන්ම පරාජයට පත්ව තිබෙන බවත් කී ඒ මහතා එය නැවැරදි කර ගැනීමේ අවකාශය ස්ථාවර නියෝග යටතේ ලබාදී තිබෙන බවද අවධාරණය කළේය.

විපක්ෂයේ වචනය විශ්වාස කර වැඩ කිරීමට යෑමෙන් මෙම වැය ශීර්ෂ සම්මත කර ගැනීම නොහැකි වු බවත් විපක්ෂය වුණු පොරොන්දුව කඩකළ නිසා ආණ්ඩුවට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවු බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජයගත හැකි අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බවත් පක්ෂය තුළ විශාල සමඟියක් මේ වන විට ගොඩනැගී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න