මුහුදෙන් ප්‍රංශයට යන්න ගිය ගමන : බන්ධනාගාරයෙන් නැවතිලා !

මුහුදෙන් ප්‍රංශයට යන්න ගිය ගමන : බන්ධනාගාරයෙන් නැවතිලා !

නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටි බාල වයස්කාර දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනා (3) වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිලධාරින්ට ඊයේ ( 1 ) නියෝගකර ඇත.

මෙසේ බන්ධනාගාර ගත කළේ යාපනය , කිලිනොච්චි , හා මුලතිව් පදිංචි වයස අවුරුදු 12ක දැරියක් අවුරුදු 10ක පිරිමි දරුවකු මොවුන්ගේ මව බව කියන කාන්තාවක් හා වයස අවුරුදු 26 සිට 40 දක්වා සිමාවන් පසුවු තවත් සැකකරුවන් අට දෙනෙකි.

අදාළ සැකකරුවන් යාපනය සිට පැමිණ මුන්දලම උඩප්පුවට ගොස් උඩප්පුවේ සිට මුහුදු මාර්ගයෙන් ට්‍රෝලර් යාත්‍රාවකින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටින බවට පුත්තලම පොලීසියට ලැබුණ තොරතුරක් මත 1 දින අළුයම අත් අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා පුත්තලම මුලස්ථාන පොලීසිය මගින් ආගමන විගමන පනතේ 45/1 වගන්තියේ අ යන්න යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව තමන්ට මේ සඳහා ඇප ලබා දිමට බලයක් නොමැති බව දන්වමින් මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් වන තුරු සැකකරුවන් බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබුණි.

පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා පුර්ණ අධික්ෂණය යටතේ සැකකරුවන් සම්බන්ධ පරික්ෂණ ආරම්භ කිරීමට පුත්තලම මුලස්ථාන පොලීසිය කටයුතු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න