සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රදානයට එරෙහි අතුරු නියෝගය ඉවතට

සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රදානයට එරෙහි අතුරු නියෝගය ඉවතට

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් දා ගත් තීරණයකට අනුව සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තුන් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි සලකා බැලීමෙන් පසුව බුවනෙක අලුවිහාරේ, එල්ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය ඉවත් කරනු ලැබීය.

එහි ඉදිරි නඩු විභාගය මැයි 9 වන දා දක්වා දීර්ඝ කරනු ලැබුවේ දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය.

වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා තීන්දුවක් ගෙන තිබු බව පෙත්සම්කාර සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම මගින් සඳහන් කර ඇත.

එහිදී එම පත්වීම් සඳහා රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් සහ කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පමණක් තෝරාගෙන ඇති බව කියා සිටනි පෙත්සම්කරවන් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකු මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇතැයි චෝදනා කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න