එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය ජනාධිපති සිරිසේන වෙත ලබාදෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහතික වියයුතු බවත් නැත්නම් අයවැය අවසන් ජන්ද විමසීමේදී ශ්‍රිලනිප පාර්ශවය ස්වාධීන වීමට සූදානමක් තිබෙන බව එම පක්ෂයේ ප්‍රබලයකු පවසයි.
එබැවින් ඉදිරි දින 2 ඉතාම තීරණාත්මක බවත් තවදුරටත් අතොරක් නැති සාකච්ඡා වෙනුවට දෙකෙන් එකක් පැහැදිලිව බේරා ගැනීමේ අපේක්ෂාව ඇතිව තම පාර්ශවය මේ තීරණය ගනු ලැබූ බවද ඔහු පවසයි.
ඒ අනුව දැන් හැන්ද තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා අතේ බවත් ශ්‍රිලනිප සාමාජිකයන් මේ ආණ්ඩුව රකින බව පවසමින් පසුගිය සමයේ නැගූ අවලාද වලද සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට ද මේ හොද අවස්ථාවක් බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි .
4 වනදා තීරණය !
මේ අතර 2019 අයවැය සම්බන්ධව ශ්‍රිලනිප තීරණය ගැනීම වෙනුවෙන් ඊයේ (02) එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වු නමුත් එහිදී කිසිදු අවසන් එකගතාවයකට පැමිණ නැති බවත් වාර්තා වෙයි.
ඒ අයවැය වර්ජනය කිරීම, පක්ෂවීම, විරුද්ධව ජන්දය දීම ලෙස ස්තාවර කිහිපයක් තුළ ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම සිටීමය.
ඒ අනුව අවසන් තීරණය වී ඇත්තේ එලැඹෙන 4 වනදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මේ ගැන අවසන් තීරණයක් ගැනීමය.

