RMV හොර ලොක්කන්ගේ පරීක්ෂණ ගැනත් පැමිණිල්ලක් !

RMV හොර ලොක්කන්ගේ පරීක්ෂණ ගැනත් පැමිණිල්ලක් !

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු හා එහි ප්‍රධානීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා එල්ලවූ චෝදනා පිළිබඳව දැනට ප්‍රවාහන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණ නිසි පරිදි සාධාරණ ලෙස පැවැත්වීමට නම් චෝදනා එල්ලවූ නිලධාරීන් එම තනතුරුවලින් තාවකාලිකව ඉවත් කර පරීක්ෂණ සිදු කරන ලෙස එහි නිලධාරීන් ප්‍රවාහන අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට දන්වා යවා තිබේ.

එහි චොදනා එල්ලවූ ප්‍රධානීන් එලෙසම එම තනතුරු වල සිටියදී ඔවුන්ට එරෙහිව කිසිවෙක් කිසිදු සාක්ෂියක් ලබා නොදෙන බවද එම ප්‍රධානීන්ට වැදගත් ලියකියවිලි හා දත්ත පහසුවෙන් විනාශ කරන්නට හෝ වෙනස් කරන්නට අවස්ථාව ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ පෙන්වා දෙති.

සාමාන්‍යයෙන් රජයේ ඉහල නිලධාරියෙකුට මෙවැනි බරපතල චෝදනා එල්ලවූ විට ආයතන සංග්‍රහය අනුව වැඩබලන නිලධාරියකු පත් කර අදාල පරීක්ෂණ සිදු කෙරේ.

පසුගියදා මෙම දෙපාර්තමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බරපතල චෝදනාවලට ලක්විය. අය වැය කාරක සභා විවාදයේදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවද එය ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට එය පත්ව ඇතැයිද පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළහ.

අදාල චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග ලබා දුන් නියෝග අනුව මේවන විට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී.ජයම්පති විසින් අදාල පරීක්ෂණය ආරම්භ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න