අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා අධිකරණයට ගේන්නෙ නෑ - තලතා

අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා අධිකරණයට ගේන්නෙ නෑ - තලතා

ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොව උන් වහන්සේලා උසාවියට ඉදිරිපත් කිරීම පිළිබදවත් තමන්ගේ කැමැත්තක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය"

අපි හදවතින්ම බෞද්ධ ධර්මයේ යහපත වෙනුවෙන් වැඩ කරන උදවිය.

අපි නිකායකට වෙන් වෙලා වැඩ කරන්නේ නැහැ.

අපේ නිකාය බෞද්ධ නිකාය. අපි නොදැක්කාට ඉතා විශාල මෙහෙවරක් නිහඩව කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි කථා කරන ධර්මය අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන.අපිට බුදු රජාණන් වහන්සේ දේශනා කළ පන්සිල් පද පහ අනුව ජීවත් වෙන්න ඕන. යනුවෙන්ද පැවසීය.

එමෙන්ම අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා කමන හේතුවක් නිසා හෝ අධිකරණය ඉදිරියට ගෙන යන්නට තම පාර්ශවය බලාපොරොත්තු නොවන බවද ඇය එහිදි පැවසීය.

ඇය මෙ බව ප්‍රකාශ කළේ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීමේ සහ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය මාවෙල සුමන නායක ස්වාමීන් වහන්සේ වෙත දිසා පාලක ධූර අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න