මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මංගල ගමන දියත්වෙයි !

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ මංගල ගමන දියත්වෙයි !

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මගී ප්‍රවාහනය සඳහා විවෘත කිරීම ඊයේ (08) මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දුම්රිය ස්ථානයේ දී සිදු කෙරිණ.

අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම මාර්ගයේ මංගල මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කරමින් බෙලිඅත්ත දක්වා ඇති සියලු ම දුම්රිය ස්ථානය විවෘත කිරීම සිදු කළහ.

අර්ජුන රණතුංග, දිලිප් වෙදආරච්චි, අශෝක් අබේසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

කතරගම දක්වා වූ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පළමු අදියර ලෙස විවෘත කෙරුණු මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස කිලෝමීටර් 26කින් සමන්විත අතර ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් එම මාර්ගයේ පිහිටා තිබේ.

{gallery}matara_beliaththa{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න