අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දිවයින පුරා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් යෙදවීමට තීරණය කර ඇතැයි රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නිල ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන්ට අමතර සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන්ද මෙහිදී රාජකාරී සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.
විශේෂයෙන් බස් රථ රියදුරන් සිදු කරන අපරික්ෂාකාරි ක්‍රියාවන් විමර්ෂණය සඳහා මේ අයුරින් සිවිල් නිලධාරින් යොදවන බවද රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. විශේෂයෙන් බීමත් රියදුරන් පිිළිබ`දව මෙහිදී වැඩි අවධානය යොමු වනු ඇත.
එමෙන්ම අප්‍රේල් 10දා සිට 20වදා දක්වා දින 10ක කාලය තුල සාපේක්ෂව සෑම වසරකම රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ඉතා අධික බවත් ඒ අනුව දිනකට 14 දෙනෙකු මිය යන බවත් 75කු තුවාල ලබන බවත් ඒ මහතා පැවසීය.
පසුගිය අවුරුද්දේ එම අප්‍රේල් 11වදා සිට 200 දක්වා 135කු මිය ගිය බවත් 750ක් තුවාල ලබා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ වසරේදී එය අවම කර ගැනීම වෙනුවෙන් මේ අයුරින් පොලිස් නිළධාරීන් 8000ක් යෙදවීමට කටයුතු කර ඇත.

