පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (10) පැවැතිය ද බොහෝ මාර්ගයන් හි මේ වනවිට බස් ධාවනය සිදු වේ.
ස්ථානීය දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය මෙම වර්ජනය කැදවා තිබේ.
එසේම දීපව්‍යාප්තව මෙම බස් වර්ජනය ක්‍රියාත්මක වන බව පෞද්ගලික බස් සේවක සංගමය පැවසුවද මේ වන විටත් සෑම ප්‍රදේශයකම අර්බුදයක් නොමැතිව බස් ධාවනය වන බවත් වාර්තා වෙයි.
මේ අතර සමස්ථ ලංකා බස් මගී සංගමය ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ අද දින කැදවා තිබෙන පෞද්ගලික බස් වර්ජනය ඉතා අසාධාරණ බවය. එසේම රටේ නීතියට ගරු කිරීමට බස් සේවක මහතුන් කටයුතු කලයුතු බවත් මාර්ග නීති පිළිපදිනවා නම් දඩ සම්බන්ධව බියක් ඇතිකර ගැනීමට දෙයක් නොමැති බවද එම නිවේදනයේ සදහන් කර තිබිණ.

