වර්තමානයේ පවතින විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් හා අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව නියෝජනය කරන අනෙක් අමාත්‍යවරුන් වන්නේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරී ඇත.

