නව බලාගාර 5ක් ඉදිවෙයි : විදුලි අතිරික්තයක් සදහා අමාත්‍යාංශය සූදානම් !

නව බලාගාර 5ක් ඉදිවෙයි : විදුලි අතිරික්තයක් සදහා අමාත්‍යාංශය සූදානම් !

පවත්නා විදුලි අර්බුදය විසඳීම සඳහා නව LNG බලාගාර 05 ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

ඒ අනුව චීනයෙන් මෙගා වොට් 400ක බලාගාරයක් ඉන්දියාවෙන් මෙගා වොට් 300ක බලාගාරයක් සහ ජපානයෙන් මෙගා වොට් 300ක බලාගාරයක් ඉදිකිරිම සඳහා සාකච්ජා කර අනුමැතිය හිමිව ඇති ඇති අතර ලක්දනවි සහ වින්ඩ් ෆෝර්ස් සමාගම වෙතද ටෙන්ඩර් කැඳවා බලාගාර දෙකක් ඉදිකිරිම සඳහා අවස්ථාව ලබා දෙන බවත් ඔහු පවසයි.

මෙම බලාගාර 05 ඉදිවීමෙන් අනතුරුව එළඹෙන මැයි මාසය වන විට විදුලි බල අර්බුදයට විසඳුමක් ලැබෙන අතර දිගු කාලීනව 2021 වසර වන විට මෙරට විදුලි බල අර්බුදය විසඳෙන බව ලේකම්වරයා අවධාරණය කරයි.

මෙම මාසයේදී පමණක් විදුලි ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවන අතර අරපිරිමැස්මෙන් පරිභෝජනය කර අර්බුදයට මුහුණ දිය හැකි බව හෙතෙම පවසයි.

එමෙන්ම මදුරු ඔයේ සහ මොණරාගල සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය බලාගාර දෙකක මෙන්ම මන්නාරම මෙගාවොට් 100ක සුළං විදුලි බලාගාරයක් ද ස්ථාපනය කිරීමට යෝජිත බවත් ලේකම්වරයා කියා සිටියි.

මෙම බලාගාර ඉදිවීමෙන් අනතුරුව විදුලි බල අතිරික්තයක් ශ්‍රී ලංකාව සතු වන බවත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න