ජලසම්පාදන මණ්ඩලයේ කෝටි 800ක වංචාවක් !

ජලසම්පාදන මණ්ඩලයේ කෝටි 800ක වංචාවක් !

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ.

තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට දැනට මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද වන වෙ‍ලේ සුදාගේ සුපිරි නිවසක්ද මිලදීගෙන ඇති බවත් එම කාන්තාවගේ පවු‍ලේ අයගේ ගිණුම් හරහා චෙක්පත්ද මාරුකර ඇති බවත් අදාළ පැමිණිල්‍ලේ සඳහන් වන බව කොමිසමේ ප්‍රකාශකයකු කීවේය.

ජල සම්පාදන මණ්ඩලයේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 2450ක අතිරේක ඇස්තමේන්තු සකසා එම ව්‍යාපෘතිවලට ඔහුගේ සහෝදරයා යොදවා මහජන මුදල් වංචාකර ඇති බවද සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති එම පැමිණිල්‍ලේ සඳහන් වේ.

මෙම සභාපතිවරයා කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බවටත් ජල සම්පාදන මණ්ඩලයේ කාමර තුළ අනිසි කාර්යයන් කරන බවටත් මෙම පැමිණිල්‍ලේ සඳහන් කර තිබේ. එසේම මැ‍ලේසියාවේ නිවසක්ද මිලට ගෙන ඇති අදාළ සභාපතිවරයා මෙකී වංචා හෙළිදරව් වුවහොත් මැ‍ලේසියාවට පලායාමේ සූදානමින් සිටින බවත් ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්‍ලේ සඳහන් වන බව කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

(ලක්බිම )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න