බැඳුම්කර කොමිසමේ නිර්දේශ හොර රහසේ ම අගමැති අතට !

බැඳුම්කර කොමිසමේ නිර්දේශ හොර රහසේ ම අගමැති අතට !

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ඇතුලත් පිටු 11ක් ලිපිගොනුවක් අද (11) පෙරවරුවේ අගමැතිවරයා වෙත ලැබී ඇතැයි තහවුරු නොකළ ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම පිටු දහසකට වැඩි වාර්තාවක් පසුගිය දෙසැම්බර් මස 30දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබුවද මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැති අතර එහි පිටපතක් අගමැතිවරයාට හෝ ලබාදී නොතිබිණ.

කෙසේවුවද බැඳුම්කර වාර්තාවේ සාරාංශ පිටපත ලැබුන වහාම අගමැතිවරයා නීති විශාරදයින් කිහිප දෙනෙකු කැඳවා ඒ වාර්තාවේ ඇතුලත් නිර්දේශ සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන ඇතිබවත්, ඒ පිළිබඳව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සැලසුම්කර ඇතිබවත් ඉහත ආරංචිමාර්ග පවසයි.

වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල විශේෂ ප්‍රකාශයේ සඳහන් කරුණු වලට වැඩි බරපතල කාරනා එහි සඳහන්ව ඇතත් අගමැතිවරයාට හෝ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට සෘජුව බලපාන නිර්දේශ එහි ඇතුලත්ව නොමැති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

මේවනවිට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා සමඟද සාකච්ජා කර පාර්ලිමේන්තුව වෙත දන්වා ඒවා ඇත්තේ, බැඳුම්කර කොමිසම් වාර්ථාව මුලින්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව, නීතිපති, හා මහබැංකුව වෙත යොමු කර ජනවාරි 17 හෝ ඊට ආසන්න දිනක පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න